අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කාලාපය තුළ බදුලු ඔය මිටියාවත අසබඩ නීල හරිත කදුවළල්ලකින් වට වුණු බදුල්ල සුන්දර ග්‍රාමීය පරිසර පද්ධතියක් තුළ බ/තල්දෙන ජාතික පාසල පිහිටා ඇත.මෙම පාසලේ ආරම්භය විමසා බලන විය එහි ඉතිහාසය ශ්‍රී ලංකාව නිදහස ලැබීමටත් පෙර කාල වකවානුව දක්වා විහිද යයි.කළුගහකදුරේ සරණපාල මහානායක ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත 1943 වර්ෂයේ බතලවත්ත ප්‍රදේශයේ කුඩා පැල්පතකින් මෙම පාසල ආරම්භ වී ඇත.පසුව එය වර්තමානයේ මෙම පාසල පවතින් භූමිය තුළ ස්ථාපනය කර ඇත.කුඩා ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ වු මෙම පාසල ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වී බ/තල්දෙන මහා විද්‍යාලය ලෙසද අනතුරුව බ/තල්දෙන ජාතික පාසල ලෙසද ප්‍රගමනය කරා ගමන්කර ඇත.








