පාසල් ගීතය
දැය පන ගන්වන විදුනැණ නංවන
තල්දෙන මහ විදුහල් මාතා
සැරදේ සැරදේ විදු අබරේ
තල්දෙන මහ විදුහල් මාතා
යුක්තිය ශක්තිය වේ අපගේ
දෑකුල භේදය නැහැ අපගේ
එක මව් තුරුලේ සැනහෙන නැළවෙන
දූ දරැවන් වෙමු අපි ඔබගේ
දෑ අභිමානෙන් පෙරට යමු
අප සතු ප්‍රගතිය ලන් කරමු
අවිදු නසාලමු නැණ ගුණ වඩවමු
සුන්දර ලොවකට පිය නගමු
කිතු ගොස දස දිග රැව් දේවා
ජය දද ගුවනේ නැන් වේවා
තල්දෙන මහ විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා...