(+94) 0553137050
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

  • Register
  • Login
THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

හැදින්වීම

           බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කාලාපය තුළ බදුලු ඔය මිටියාවත අසබඩ නීල හරිත කදුවළල්ලකින් වට වුණු  බදුල්ල සුන්දර ග්‍රාමීය පරිසර පද්ධතියක් තුළ බ/තල්දෙන ජාතික පාසල පිහිටා ඇත.මෙම පාසලේ ආරම්භය විමසා බලන විය එහි ඉතිහාසය ශ්‍රී ලංකාව නිදහස  ලැබීමටත් පෙර  කාල වකවානුව දක්වා විහිද යයි.කළුගහකදුරේ සරණපාල මහානායක ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත 1943 වර්ෂයේ බතලවත්ත ප්‍රදේශයේ කුඩා පැල්පතකින් මෙම පාසල ආරම්භ වී ඇත.පසුව එය වර්තමානයේ මෙම පාසල පවතින් භූමිය තුළ ස්ථාපනය කර ඇත.කුඩා ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ වු මෙම පාසල  ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වී බ/තල්දෙන මහා විද්‍යාලය ලෙසද අනතුරුව බ/තල්දෙන ජාතික පාසල ලෙසද  ප්‍රගමනය කරා ගමන්කර ඇත.පෝෂක පාසල් රාශියකින් සුපේෂණය වන බ/තල්දෙන  ජාතික පාසල වර්තමානය වන විට සුවහසක් දැයේ දුවා දරුවන්ගේ නැණ ගුණ පහන් දල්වාලමින් උත්තුංග මෙහෙවරකට උර දෙමින් සිටි.

                                                                                      මෙම විද්‍යාලයේ පෝෂක ප්‍රදේශයේ ගම්වාසි ජනතාවගේ ප්‍රධාන ජිවනෝපායන මාර්ගය ගොවිතැනයි.ඊට අමතරව අවිධිමත් ජීවනෝපායන මාර්ගවලද බොහෝ පිරිස් නිරත වෙති.පහළ ආදායම් ලාභී ජනතාවක් බහුල වශයෙන් ජීවත් වන මෙම ප්‍රදේශයේ මැදි ආදායම් ලාභීන් සුළු පිරිසක්ද සිටියි.ආර්ථික ප්‍රශ්න වලින් පීඩා විදින මෙම ජනතාවගේ සෙසු අවශ්‍යතා මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතා  සපුරා ගැනීමේදි ද ප්‍රබල දුෂ්කරතා රාශියකට මුහුණ දෙති.මෙම විද්‍යාලය ප්‍රගනමය  කරා ගමන් කිරීමේදි මෙකී ආර්ථික සමාජ  ප්‍රශ්න මනා ලෙස කළමනාකරණය කර ගැනීමේ ප්‍රභල  අභියෝගයකටද මුහුණ දීමට සිදු වේ.එකී සියළු අභියෝගයන්ට සාර්ථකව  මුහුණ දෙමින් බ/තල්දෙන ජාතික පාසල පියවරෙන් පියවර අභිවෘද්ධිය  කරා පිය නගමින් සිටී.මෙම පාසල් ප්‍රදේශයේ ජනතාව ජීවත් වන්නේ බෞද්ධාගමික පරිසරයක් තුළයි. ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම සඳහා තල්දෙන බෝධිරාජාරාම විහාරස්ථානය අමිල මෙහෙවරක් ඉටු කරයි.පාසලේ අභිවෘද්ධිය සඳහාද විහාරස්ථානයේ දායකත්වය නොමදව ලැබේ.සදාචාර සම්පන්න දරු පරපුරක් බිහි කිරීම සඳහා එය මහගු පිටුවහලක් වී ඇත.

                                                                       විවිධ රජයන් යටතේ ව්‍යාපෘති ගණනාවකින් මෙම පාසල සංවර්ධනය වු අතර , නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය, ඩී.එස්.ඩී ව්‍යාපෘතිය, මහින්දෝදය ව්‍යාපෘතිය , “ ළගම පාසල හොදම පාසල “  ව්‍යාපෘතිය , එම ව්‍යාපෘති අතරින්  කිහිපයකි.පහතින් පාසලේ පිරියත තුළ ගොඩනැගිලි පිහිටීම දක්වා ඇත. ඒ අනුව කාර්යාල පරිශ්‍රය,සන්නිවේදන ඒකක, පන්ති කාමර, පුස්තකාල, පරිගනක විද්‍යාගාරය, භාෂාගාරය,ගණිතාගාරය, නැණස ඒකකය, ඉංග්‍රීසි ඒකකය, ක්‍රීඩා ඒකකය,නව ආපන ශාලාව සෞන්දර්ය ඒකකය, කියවීම් ඒකකය ,ගුරු විවේකාගාර, ගුරු නිවාස, උපදේශන ඒකකය,විශේෂ අධ්‍යාපන ඒකකය,ගෘග විද්‍යා ඒකකය,විද්‍යාගාරය වැනි ඒකක වලින් මෙම පාසල සම්න්විත වේ.

පාසලේ වර්තමානය පිළිබදව විමසා බැලීමේදි 2012.01.06 දින සිට මෙහි ප්‍රාථමික අංශය ඉවත් කොට 6 ශ්‍රේණියේ 13 ශ්‍රේණිය දක්වා පමණක්  ක්‍රියාත්මක ද්විතීක  පාසලක් බවට පත් කර ඇත. දැනට සිසුන්  548 ක් අධ්‍යාපන හදාරයි .දැනට අ.පො.ස (උසස් පෙළ ) කලා වාණිජ විෂය ධාරාවන් පමණක් ක්‍රියාත්මක වන අතර මෙම වසරේ සිට (2021 ) සිට විද්‍යා හා ගණිත උසස් පෙළ විෂයය ධාරාවන් ආරම්භ කිරීමට අවශ්‍ය මානව සම්පත පාසල වෙත ලැබීම පාසල ලැබු තවත් ජයග්‍රහණයකි.මේ සඳහා වසර කිහිපයක සිට සැලසුම් සහගත්ව ඉලක්ක ගත වැඩ පිළිවලක්  අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පාසලේ අ.පො.ස (සා.පෙළ) හා උසස් පෙළ ප්‍රතිඵල මගින් මෙය වඩාත් තහවුරු වේ.

 

       මීට අමතරව ක්‍රමානුකූල සංවර්ධනය තුළ පාසල් පිරියත ප්‍රියමනාප ඉගෙනුම් පරිසරයක් සඳහා බෙහෙවින් ඉවහල් වන ආකාරයට නිර්මාණය කර ඇත, පොලිතීන් රහිත පරිසර හිතකාමි හරිත පරිසර පද්ධතියක්  ගොඩනගා ඇත. මීට අමතරව විධිමත් භෞතික සම්පත් කළමනාකරණය තුළින් පාසල සතු සියළුම  භෞතික  සම්පත්  වඩා සපලදායි ලෙස  ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක වී ඇත.මානව සම්පත් කළමනාකරණය තුළින්  ප්‍රියමනාප ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ගැනීම සාර්ථක වී ඇත.විෂය සමගාමි ක්‍රියාකාරකම් හා  බාහිට ක්‍රියාකාරකම් තුළින්ද පාසල විශාල කීර්තියක් අත්පත් කර ගෙන ඇත.විශේෂයෙන් ක්‍රීඩා, සිංහල භාෂා,ඉංග්‍රීසි,සෞන්දර්ය අංශ වලින්  කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇත .

                                                                                                                       මේ අනුව තල්දෙන මහා විද්‍යාලය ජාතික පාසලක් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය පසු බිම නිර්මාණය වී ඇත. ඒ අනුව මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට ඔසවා තැබීමෙන් අපේක්ෂා කරන නැණවත් ගැණවත් පිරිපුන් පෞරුෂයකින් හෙබි විශ්වීය මිනිසෙක්  දායාද කිරීමේ  පරමෝත්තර තිරසාර මාර්ගයට අවතීර්ණ වී ඇත .

ආරම්භ කළ වර්ෂය

                                       1943                      

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 

පාසලේ නම

 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

                                                         

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

 

 

 

{QF3=5}

THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thaldena M.V, Thaldena, Badulla

: (+94)0553137050

: [email protected]

Supported By

© 2026 THALDENA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk